ඩොලරය කීයට යයිද?

    January, 13, 2026

    විනිමය අනුපාතයේ වෙනස් වීම එක් එක් වෙළඳපොළ තත්ත්වයන් මත විචලනය වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    "අපි බැලුවොත් රුපියලේ වෙනස් වීම කාලෙන් කාලෙට, උදාහරණයක් වශයෙන් ගත්තොත් එක එක වෙළඳපොළ තත්ත්වය අනුව විචලනය වෙනවා. දැන් අපි ගත්තොත් විශේෂයෙන් 2024 මැතිවරණයට පෙර මේක 304ට ගිහිල්ලා තිබුනේ. එතකොට ඊට පස්සේ අලුතෙන් රජයක් ඇවිල්ලා ප්‍රකාශ කරාට පස්සේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලත් එක්ක යනවා කියලා, 304 තිබුණ එක 293 වුණා කෙටි කාලයක් තුළ. ඊට පස්සේ ක්‍රමානුකූලව motor vehicle imports එක්ක අනිත් පැත්තට මේක 310 වගේ මට්ටමට ඇවිල්ලා පහුගිය දවස් ටිකේ ආයිත් 309ට ඇවිල්ලා තියනවා. එහෙම එදිනෙදා තියන ඉල්ලුම සැපයුම එකක්, අනිත් එක මාස දෙක තුන ඇතුලත කොහෙමද exports වෙන්නේ, remittances කොහොමද වෙන්නේ, Tourism Industry එක කොහොමද වෙනනේ, ඒ කරුණු මත, යම්කිසි ආයෝජන කොහොමද වෙන්නේ කියන කරුණු මත වෙනස් වෙන්න පුළුවන්."

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තීන්ට අනුව විනිමය අනුපාතිකය යනු එක් දිශාවකට පමණක් විචලනය වන්නක් නොවන බව ද මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ ය.

    "අපි දකින්නේ මෙහෙමයි. දැන් තියන අලුත් ප්‍රතිපත්තිය අනුව කිසිමාකාරයකින් මේ විනිමය අනුපාතිකය එක පැත්තට යන දෙයක් නෙවෙයි කියන එක අපි සහතික කරනවා. ඒක අපේ ප්‍රතිපත්තියේ තියෙන්නේ මේක ඉල්ලුම සැපයුම අනුව වෙනස් වෙන්න දෙනවා. උඩට යන්නත් දෙනවා. පහළට යන්නත් දෙනවා. එතකොට හැමතිස්සෙම මේක එක පැත්තකට යනවා කියලා හිතුවොත් හැමෝම මේ factor කරලා හැම තිස්සෙම මේක යම්කිසි ආකාරයකට market එකේ undue expectation කරලා ඒ පැත්තට යනවා. ඒක නැතුව 2022 ඉදන් මේ වෙනකන් ගිය ප්‍රතිපත්තිය තුළ අපි පැහැදිලිව පෙන්නුම් කරලා තියනවා අපි මේක දෙපැත්තටම යන්න පුළුවන්. ඒක නිසා එක පැත්තකටම bet කරලා කිව්වොත් එයා පරදිනවා කියන එකේ අපි ඉන්නවා. අපි ඒක insure කරනවා කවුරුහරි මේක ඕනවට වැඩිය එක පැත්තකට යනවා කියලා හිතාගෙන ඒක තල්ලුකරන් ගියොත් එහෙම එයා පාඩු වෙන තත්ත්වයට පත් වෙන විදිහට අපිට වැඩකටයුතු කරන්න පුළුවන්."

    තවද විනිමය අනුපාතිකය කුමන මට්ටමක පවතී ද යන්න ප්‍රකාශ කිරීම මහ බැංකුව විසින් නොකල යුත්තක් බව ද මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ ය.

    ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් විසින් විනිවිදභාවයකින් යුතුව විනිමය අනුපාතිකයේ වෙනස් වීම සම්බන්ධයෙන් සියලු දෙනාහටම පැහැදිලි කර දීම සිදු කරන බවයි.

    එමෙන් ම යම්කිසි ආකාරයකින් අනවශ්‍ය ලෙස විනිමය අනුපාතිකයේ උච්ඡාවචනයන් සිදුවුවහොත් මහ බැංකුව සතු සංචිත උපයෝගීකර ගනිමින් ඊට මැදිහත් වීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

    "ගොඩක් වෙලාවට ඔය විදේශ විනිමය අනුපාතිකයන් ගැන තියන ගොඩක් අය අහන ප්‍රශ්නේ අපිට ආයෝජනය කරන්න බෑ හරියට කීය ද කියලා කියන්න කියලා. ඒක කවදාවත් මහ බැංකුවක් නොකළ යුතු දෙයක්. අපිට කරන්න පුළුවන් transparent විදිහට මෙන්න මේක ක්‍රියාත්මන වන ආකාරය මේකයි කියලා පැහැදිලිව විස්තර කරලා දුන්නාම හැමෝම මේක විශ්ලේෂණය කරලා යම්කිසි ආකාරයක තමන්ගේ ඇස්තමේන්තුවක් හදාගන්න මොකක් ද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගැනීමට අපි උදව් කරනවා. නමුත් මහ බැංකුවක් විදිහට අපිට කියන්න බැහැ මේක 310 තියාගන්නවාද, 315 ට යනවාද, 320ට යනවාද, 300ට ආයෙත් ගේනව ද, ඒක කියන්න බැහැ. නොකිය යුතු දෙයක්. ඇත්ත වශයෙන්ම මොක ද කියන්න බැරි ඉදිරියේ දි වෙන්න මොකක් ද කියන එක හරියටම කියන්න අමාරුයිනේ කාට වුනත්. අපි දැක්කනේ 370ට ගියපු වෙලාවේ තිබුණ තත්ත්වය ඊට පස්සේ ටිකින් ටික අඩු වෙලා..එකතැන තියන් හිටියහම හැමෝම බලාපොරොත්තු වුණා මේක කඩාගෙන වැටිලා 400ට 500ට යයි කියලා එහෙම හිටින්නේ නැහැ දැන්. එකම දේ අපි ස්ථිර කරන්නේ අපිට සංචිත වැදගත්කර තියෙන්නේ යම්කිසි ආකාරයක අනවශ්‍ය විදියට යන්න ගත්තොත් මොන පැත්තට හරි අපිට සංචිත තියනවා මැදිහත් වෙලා අර volatility එක අඩු කරන්න. ඒක තමයි අපි කරන්නේ. අපි මාකට් එකට against යන්නේ නැහැ. හැබැයි ඕනෑවට වඩා උච්ඡාවචනය වෙන එක කෙහොමත් හොඳ නැහැ." 

    ඊයේ (12) විකාශය වූ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.