August, 20, 2024
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36 ක ලෙසත් විකුණුම් මිල රු. 303.57 ක් ලෙසත් සඳහන් වේ.
අද දින ඩොලරයේ මධ්‍ය අගය සඳහන් වන්නේ රු. 298.68 ක් ලෙසිනි. මෙය 2024 මැයි 13 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම රුපියල් අගයයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 අගෝස්තු 16 දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 8.4%කින් අතිප්‍රමාණය වී ඇති බවයි.