November, 14, 2025
එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (14) දිනයේ දී කැපීපෙනෙන ලෙස අවප්‍රමාණය තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.91 ක් ලෙසත් විකුණුම් මිල රු. 309.61 ක් ලෙසත් වාර්තා වී ඇත. ඩොලරයක විකුණුම් මිල මෙලෙස රු. 309 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 සැප්තැම්බර් 24 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය. එසේම 2024 ජූලි 01 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් මිල ද අද දින වාර්තා වී ඇත.
මේ අතර අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 305.21 ක් ලෙසින් සටහන්ව ඇත. 2024 ජූලි 02 දිනෙන් පසු ඩොලරය රු. 305 මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර 2025 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස දහය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී.
Video Story