ඩොලරය රු. 309 ඉක්මවයි

    December, 12, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.32 ක් හා විකුණුම් මිල රු. 312.91ක් ලෙසින් සටහන් වී තිබේ.

    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 309.02 ක් ලෙසින් වාර්තා වන අතර එය 2024 මාර්තු 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය වේ.