March, 31, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මිල අද (31) දිනයේ දී රු. 315.19ක් ලෙසින් වාර්තා වී ඇත.
මෙලෙස ඩොලරයේ අගය රු.315 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 පෙබරවාරි 01 දිනෙන් පසු පළමු වරට අද (31) දිනයේ දීය.
තවද අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.76ක් සහ විකුණුම් මිල රු. 319.31ක් ලෙසින් වාර්තා වී තිබේ. 2023 ජූනි 15 දිනෙන් පසු ඩොලරයේ ගැනුම් මිල රු. 311 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර 2023 ජූලි 11 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 319 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද අද දිනයේ දී මේ අනුව වාර්තා වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2026 වසරේ මාර්තු 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.4%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Video Story