November, 18, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (18) පෙරවරුව වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.15 ක් ලෙසත් විකුණුම් මිල රු. 310.85ක් ලෙසත් වාර්තා වී තිබේ.
අද දින එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 307.89 ක් ලෙසින් සටහන්ව ඇත. ඊයේ (17) දිනයේ දී ඩොලරයේ මෙම අගය වාර්තා වූයේ රු. 306.37ක් ලෙසිනි.
2024 මාර්තු 12 දිනෙන් පසු ඩොලරයක මධ්‍ය අගය රු. 307 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ පළමු වරට අද දිනයේ දීය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 වසරේ නොවැම්බර් 14 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 4.1%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Video Story