ඩොලරය සීඝ්‍රයෙන් පහළට. විකුණුම් මිල රු. 300න් මෙපිටට පැමිණෙයි

    October, 2, 2024

    එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    දෛනික විනිමය අනුපාතික සටහනට ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් බවයි.

    ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට අද දිනයේ දී වීම විශේෂත්වයකි.

    මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රු. 295.62 ක් වශයෙනි.