March, 30, 2016
ශ්‍රී ලංකා ඉතාහාසයේ මුල් වතාවට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (30) දිනයේ දී රු. 150 සීමාව ඉක්මවා යන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 146.52 ක් ලෙසත් විකුණුම් මිල රු. 150.54 ක් ලෙසත් සටහන් විය.
මීට අමතරව ශ්‍රී ලංකා රුපියලට එරෙහිව තවත් ජාත්‍යන්තර මුදල් ඒකක ගණනාවකම විනිමය අනුපාත අද දිනයේ දී ඉහළ නැග තිබේ. ස්ටර්ලිං පවුම්, යූරෝ, ස්විස්ටර්ලන්ත ෆ්‍රෑන්ක්, කැනඩා, ඕස්ට්‍රේලියා හා සිංගපූරු ඩොලර් ඒ අතර වේ.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයට අදාළව නිකුත් කරන ලද විනිමය අනුපාත සටහනයි.
Video Story