September, 30, 2024
අද (30) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය හෙවත් මධ්‍ය අගය (USD/LKR SPOT Exchange Rate) රු. 299.35 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2024 සැප්තැම්බර් 09 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 293.50 ක් හා විකුණුම් මිල රු. 302.56 ක් ලෙසින් වාර්තා වී තිබේ.


එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී/ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.