February, 15, 2016
එක්සත් ජනපද ඩොලර්වලින් සිදුකරනු ලබන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවක් අද (15) දිනයේ දී ආරම්භ විණි. ඩොලර් මිලියන 75 ක ප්‍රමාණයකින් යුතු මෙම නිකුතුව වසර 1 මාස 1, වසර 2 මාස 2 සහ වසර 4 යි මාස 4 යනා දී වශයෙන් කාණ්ඩ 3ක් යටතේ සිදුකිරීමට නියමිතය.
මෙම නිකුතුව සඳහා පොළී අනුපාතික තීරණය කිරීම එක්සත් ජනපද ඩොලර් සඳහා වන මාස හයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකයට වෙන්දේසියේ තරඟකාරී ලංසුවල ආන්තිකය එකතු කිරීමෙන් ලැබෙන අගය මත වූ විචල්‍ය අනුපාතිකය හා තරඟකාරී ලංසු මගින් තීරණය වූ ස්ථාවර පොළී අනුපාතිකය අනුව වූ ස්ථාවර අනුපාතිකය යටතේ සිදුකෙරේ.
මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව ශ්‍රී ලංකාව තුළ ආදායම් බද්දෙන් නිදහස් වේ.
අද (15) දින පෙරවරු 11.00 ට ඇරඹි මෙම බැඳුම්කර නිකුතුව සඳහා ලංසු තැබීමේ කාලය පෙබරවාරි 19 වන දින පෙරවරු 10.00 ට අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
Video Story