ඩොලර් මිලියන 75 ක සංවර්ධන බැඳුම්කර නිකුතුවක් හෙට

    January, 10, 2016

    ඇමරිකානු ඩොලර් මිලියන 75 ක වටිනාකමකින් යුතු සංවර්ධන බැඳුම්කර නිකුතුවක් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙම වෙන්දේසියට ලංසු ඉදිරිපත් කිරීම සඳහා හෙට (ජනවාරි 11) ‍පෙරවරු 11.00 සිට ජනවාරි 18 දින පෙරවරු 10.00 දක්වා සතියක කාලයක් විවෘතව පවතී.

    වසර 1, වසර 2 යි මාස 03 හා වසර 04 යි මාස 05 යනාදී පරිණත කාලයන්ගෙන් යුතු මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා පොළී ගෙවීම අර්ධ වාර්ෂිකව සිදුකෙරේ.

    විදේශීය පුරවැසියන් සහ ආයතන, අනේවාසික ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන්, බලයලත් විදේශ විනිමය වෙළෙඳුන්, රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළෙඳ ආයතන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සමඟ ගිවිසගත් විශේෂිත සමාගම් සහ රක්ෂණ කර්මාන්ත පනතේ රෙගුලාසි යටතේ බලපත්‍රලාභී විශේෂිත රක්ෂණ සමාගම් මෙම සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය සඳහා සුදුසුකම් ලත් ආයෝජකයින් වේ.