ඩොලර් මිලියන 800ක ‘ජල ණය‘ ප්‍රතිව්‍යූහගතකරණයට ලෝක බැංකු සහාය

    May, 20, 2024

    ඉන්දුනීසියාවේ බාලි හි පැවති 10 වැනි ලෝක ජල සමුළුවේදී, ලෝක බැංකුව සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් සම්බන්ධයෙන් මෙරට ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා X සටහනක් තබා ඇත.

    එහි දැක්වෙන පරිදි මෙම හවුල්කාරීක්වය යටතේ ඩොලර් මිලියන 800ක ජල ක්ෂේත්‍රයට සම්බන්ධ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ලෝක බැංකුවේ සහාය හිමිව තිබේ.

    ලෝක බැංකු සමූහයේ ජල ගෝලීය භාවිතයන් (Water Global Practice - GP) පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂ Saroj Jha මහතා මෙම හමුවේ දී සිය පූර්ණ සහයෝගය ලබා දීමට ප්‍රතිඥා දුන් බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සිය X පණිවුඩයෙන් කියා සිටී. වැඩිදුරටත් අමාත්‍යවරයා පවසන්නේ 2023 දෙසැම්බර් මාසයේ පැවති මූලික රැස්වීමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ සාධනීය ජල අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට Saroj Jha මහතා සඳහන් කළ බවයි.