ඩො.මි. 500 ජාත්‍යන්තර බැඳුම්කරයේ අලෙවිය ඇරඹෙයි

    April, 7, 2014

    ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන නවතම සෛවරීත්ව බැඳුම්කරයේ ජාත්‍යන්තර අලෙවි කටයුතු ආරම්භ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.

    වසර පහකින් කල් පිරෙන මෙම බැඳුම්කරයේ මිල මාර්ගෝපදේශනය සියයට 5.5 ක් පමණ වනබව සඳහන්ය.

    ලංකාව විසින් පසුගිය ජනවාරි මාසයේදීද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකරන ලදී.