July, 12, 2024
2024 වසරේ මුල් මාස 04තුළ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2.76% කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
X සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මූලික වශයෙන් විදේශ ණය තොගයෙහි 9.2% ක සැලකිය යුතු අඩුවීමක් වාර්තා වීම මීට හේතු වී ඇති බවයි.
2024 අප්‍රේල් 30 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය බර පිළිබදව විග්‍රහය: ශ්‍රී ලංකාවේ විදේශ ණයවල කැපී පෙනෙන අඩුවීමක් සමගින් සමස්ත ණය බරෙහි 2.76% පහත වැටීමක්.
පසුගිය වසරේ දෙසැම්බර් සිට 2024 අප්‍රේල් 30 දක්වා කාළය තුළ, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය ණය තොගයේ 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් අත්කර… pic.twitter.com/QVRaXtBNRP
— Shehan Semasinghe (@ShehanSema) July 11, 2024