May, 17, 2014
ජාතික සංවර්ධන බැංකුව විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවන්නේ 2014 මාර්තු කාර්තුවේදී බැංකුවේ ලාභය සියයට 135 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.19 ක්වී තිබෙන බවයි.
මේ අනුව, මෙම කාර්තුවේදී බැංකුව කොටසකට අදාළව රුපියල් 29.66 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර ශුද්ධ පොලී ආදායම සියයට 16 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.86 ක්වී තිබේ.
මේ අතර, අනාවරණය වන්නේ මෙම කාර්තුව තුළදී අක්රීය ණය ප්රමාණය රුපියල් මිලියන 23 ක සිට රුපියල් මිලියන 125 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.