October, 17, 2016
“අපගේ සාර්ථකත්වයේ රහස නිෂ්පාදන වල ගුණාත්මක භාවයයි “- හෙන්රි ලියු
ප්‍රමුඛතාව අතින් ලොව තෙවන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා සහ ලොව දෙවන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන Huawei විසින් නිපදවන ස්මාර්ට්ෆෝන් සහ ටැබ් විසින් ලොව පුරා පුද්ගල ජීවිත රැසක් ආරක්ෂා කරදීමට සමත් වී ඇත. Huawei නිෂ්පාදන වල ඇති ගුණාත්මක භාවය හේතුවෙන් මෙලෙස ස්මාර්ට්ෆෝනයක කාර්ය භාරය ඉක්මවා ජීවිත ආරක්ෂා කිරීම දක්වා කටයුතු කිරීමට හැකිවී තිබේ.
Huawei ස්මාර්ට්ෆෝන් තත්වයෙන් උසස් බවට ගොඩනැගී ඇති විශ්වාසය වෙඩි ප්‍රහාර ආදියෙන් පුද්ගල ජීවිත බේරා දීමේ සිදුවීම් නිසා යළිත් තහවුරු වෙයි. Huawei ස්මාර්ට්ෆෝන් අවසන් නිෂ්පාදනයට පෙර අවස්ථා ගණනාවකදී බහුවිධ තත්ව පරීක්ෂණ රැසකට ලක්කෙරෙන අතර එම පරීක්ෂණ වලදී එහි තත්වය සහ ගුණාත්මක භාවය පිළිබඳව යළි යළිත් සහතික කෙරෙයි. Huawei ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින් තිදෙනා අතරට එක්වි සිටින අතර සිය මෘදුකාංග සහ දෘඩාංග අඛණ්ඩව සංවර්ධනය කරමින් සිටියි. මේ අනුව සිය නිෂ්පාදන සහ තත්ව පාලන ක්‍රියාවලිය ක්‍රමවත් කරමින් උසස්ම තත්වයේ ස්මාර්ට්ෆෝනයක් නිෂ්පාදනය කිරීමට Huawei කැපවී කටයුතු කරයි. යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර තත්වයේ ප්‍රමිතීන්ට අනුව Huawei ස්මාර්ට්ෆෝන් නිපදවනු ලබයි.
Huawei හි නිරන්තර සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වන්නේ තත්වය ආරක්ෂා කර ගැනීම මඟින් වෙළද පළ විශ්වාසය දිනා ගැනීම බව Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පෙන්වා දුන්නේය. Huawei සිය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මෙන්ම නව නිර්මාණ එළිදැක්වීම සඳහා අඛණ්ඩව සිය තාක්ෂණය වර්ධනය කරමින් සිටියි. එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා Huawei හි සාර්ථකත්වයට හේතු වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා Huawei අඛණ්ඩව ආයෝජනය කරන්නේ පාරිභෝගිකයින් වෙත උසස්ම තත්වයේ නිෂ්පාදයක් තිළිණ කිරීම සඳහා බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
Huawei P8 Lite ස්මාර්ට්ෆෝනයක් විසින් පසුගියදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු ගේ ජීවිතය බේරා දීමට සමත් විය. එම පුද්ගලයාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර එම වෙඩි ප්‍රහාරය ඔහු ජැකට්ටුවේ සාක්කුවේ දමාගෙන සිටි Huawei P8 Lite ස්මාර්ට්ෆෝනයට එම වෙඩි ප්‍රහාරය එල්ල වීම නිසා එම පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා විය. Huawei ස්මාර්ට්ෆෝනයක් විසින් වෙඩි උණ්ඩයක් නැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. Huawei P7 ස්මාර්ට්ෆෝනයක් විසින් පසුගිය වසරේ ගෝතමාලාවේ වනාන්තරයකදී පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයකින් ආරක්ෂා කර ඇති අතර කෙන්යාවේ ගරිස්සා ප්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවකට මැදි වූ පර්යේෂකයෙකු වන මිල්වර්ඩ් බ්‍රවුන් නැමැත්තා සතුව තිබූ Huawei Media Pad එක නිසා ඔහුගේ ජීවිතයද වෙඩි උණ්ඩයෙන් ආරක්ෂා වී තිබේ. මීට අමතරව මියන්මාරයේ අයිස් මිදුනු වැවකට කඩා වැටුනු මඟී ගුවන් යානයක සිටි මගීන් පිරිසක් බේරා ගැනීමටද Huawei ස්මාර්ට්ෆෝනයක් යොදාගෙන තිබේ. මෙම යානය අනතුරට ලක්වූ පසු යානයේ සිටි කිසිවෙකුගේ ස්මාර්ට්ෆෝන් වල සංඥා නොමැති වී ඇති අතර Huawei ස්මාර්ට්ෆෝනයේ පමණක් සංඥා ක්‍රියාත්මක වී ඇති අතර එමඟින් සහන ඒකක වෙත දැනුම් දීමෙන් පසු දින තුනකට අධික කාලයක් පිළිසරණක් නැතිව සිටි මෙම පිරිස බේරා ගැනීමට හැකිව තිබේ. මෙම සිදුවීමෙන් පසුව Huawei ස්මාර්ට්ෆෝනය මියන්මාරයේ ගෘහස්ථ වෙළඳ නාමයක් බවට පත්ව තිබේ.
2015 වසරේ පමණක් Huawei සිය වාර්ෂික ආදායමින් 15% ක් එනම් ඩොලර් බිලියන 9.2ක පමණ මුදලක් නව තාක්ෂණය, නව නිෂ්පාදන, සහ රැහැන් රහිත සන්නිවේදන තත්වයන් පිළබඳ පර්යේෂණ සංවර්ධන කාර්යයන් සඳහා ආයෝජනය කර තිබේ. පසුගිය වසරේ පමණක් ලොව පුරා රටවල් 170 කට පමණ ස්මාර්ට්ෆෝන් මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් Huawei විසින් අපනයනය කර තිබේ. මේ සමග අමතර ආයාසයකින් තොරව Huawei තත්වය අතින් උසස් ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් වෙළඳ නාම අතරට පැමිණිමට සමිත් විය. මූලාකෘති නිර්මාණය, පර්යේෂණ සහ සංවර්ධන, අමුද්‍රව්‍ය සැපයීම,නිෂ්පාදනය සහ පරීක්ෂා කිරීම, ආදී සියලු කටයුතු වලදී මනා තත්ව කළමණාකරන පද්ධතියක් භාවිත කරන Huawei ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරයි. නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව තහවුරු කළ සම්පූර්ණයෙන් ස්වංක්‍රිය ස්මාර්ට් තාක්ෂණයෙන් සමන්විත නිෂ්පාදන ක්‍රියාවලියක් මඟින් Huawei සමාර්ට්ෆෝන් නිපදවනු ලබයි.