March, 27, 2016
දිගු කාලයක පටන් දේශපාලනිකව මෙන්ම ආර්ථික වශයෙන් ද බලවත් අර්බුදයක ගිලී සිටින මියන්මාරයේ, නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් එහි කොටස් වෙළෙඳපොළ දේශීය ආයෝජකයින් වෙනුවෙන් පසුගිය සතියේ දී විවෘත විය.
මෙහි ඇති විශේෂත්වය නම් මියන්මාර කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත්තේ එක් සමාගමක් පමණක් වීමයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් මිලියන 598 කි.
මියන්මාර කොටස් වෙළෙඳපොළ ලොව දෙවැනියට කුඩාම කොටස් වෙළෙඳපොළ ලෙසින් මේ අනුව වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ ඩොලර් මිලියන 103.1 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකින් යුතු කාම්බෝජයේ කොටස් වෙළෙඳපොළට දෙවැනි වෙමිනි.
සුවසේවා හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක සමාගමක් මියන්මාර කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරී ඇත. 1992 දී ආරම්භ කර තිබෙන මෙම සමාගම විසින් නව කොටස් නිකුතුවක් සිදුකර නොමැති අතර සමාගමේ දැනට පවතින කොටස් පමණක් ගනුදෙනු සඳහා විවෘත කර තිබේ.
Video Story