තමිල්නාඩු වෙළෙඳ සංගම් ‘කෝලා‘ තහනම් කරයි

    March, 2, 2017

    කෝලා පාන වර්ග තමිල්නාඩුව තුළ අලෙවි කිරීම තහනම් කිරීමට එහි වෙළෙඳ සංගම් රැසක් පියවර ගෙන තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටීත
    හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවයට අනුව ඊයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කර තිබේ.

    මේ සම්බන්ධයෙන් Federation of Tamil Nadu Traders Associations (FTNTA) හා the Tamil Nadu Traders Associations Forum (TNTAF) යන වෙළෙඳ සංගම් දෙක ප්‍රකාශ කර සිටින්නේ තමිල්නාඩුව තුල, දශ ලක්ෂයකට අධික සිල්ලර වෙළෙඳුන් ප්‍රමාණයක් මෙම තීරණයට සහාය පළ කරන බවයි. මේ අනුව තමිල්නාඩුව තුළ Pepsi Co සහ Coca-Cola නිෂ්පාදිත අලෙවිය මේ වන විට නවතා දමා ඇත.

    වෙළෙඳ සංගම් ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ, මෙම බහුජාතික සමාගම්වල කෝලා බීම වර්ග ශරීරයට හිතකර නොවන බවත්, දේශීය සිසිල් බීම හා පාන වර්ග ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත්ය. තවද අදාළ සමාගම් සිය නිෂ්පාදන කටයුතු සඳහා විශාල වශයෙන් ගංඟාවල ජලය භාවිතයට ගැනීම නිසා ප්‍රාන්තයේ වගා හා වාරිමාර්ග කටයුතුවලට මේ වන විට අහිතකර බලපෑම් එල්ල වී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර සිටී.