තවත් සමාගමක කොටස් ගනුදෙනු අත්හිටුවයි

    January, 14, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමගාමක් වන ඔරියන්ට් ගාමන්ට්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ, සමාගමේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස ජනවාරි 07 හා 11 යන දිනයන් හි සමාගමට දැනුම්දීමක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනතුරු නිසි ප්‍රතිචාරයක් නොලැබුණ හෙයින් තාවකාලිකව ඔරියන්ට් ගාමන්ට්ස් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවන් ලැබූ බවත්ය.

    මේ අතර තවත් ලැයිස්තුගත සමාගමක් වූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස් ගනුදෙනු ද පසුගිය ජනවාරි 04 වැනිදා සිට අත්හිටුවා තිබේ.