තවත් සමාගම් දෙකක කොටස් ගනුදෙනු අත්හිටුවයි

    January, 28, 2016

    පීසී හවුස් පීඑල්සී හා පීසී ෆාමා පීඑල්සී යන ලැයිස්තුගත සමාගමේ දෙකෙහි කොටස් ගනුදෙනු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ අද (28) තීරණය කර තිබේ.

    කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත නියාමනයන් හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වලට අනුව, මෙම සමාගම් දෙකට අදාළ 2014 මාර්තු 31 න් අවසන් සහ 2015 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂ සඳහා වන මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.

    මීට සති කිහිපයකට පෙර එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී කොටස් ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර මේ දක්වා එහි කොටස් ගනුදෙනු විවෘත වී නොමැත.

    Video Story

    Stock Market

    Exchange Rates