තවත් ස්වීස්ටෙක් කොටස් කුට්ටියක් ටී.සෙන්තිවේල් අතට

    June, 11, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ටී. සෙන්තිවේල් මහතා පිඟන් ගඩොල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ස්වීස්ටෙක් (සිලෝන්) පී.එල්.සී. සමාගමේ සියයට 6.83 ක කොටස් මිලදී ගනිමින් තම කොටස් අයිතිය වැඩිකරගෙන තිබේ.

    සී.ටී. ස්මිත් කොටස් තැරැව්කාර සමාගම සඳහන් කරන්නේ ඔහු විසින් මෙම සමාගමේ කොටස් මිලියන 1.8 ක් මෙවර මිලදීගත් බවයි.

    මෙම මිලදී ගැනීමත් සමග ස්වීස්ටෙක් (සිලෝන්) පී.එල්.සී. සමාගම නිකුත් කර තිබෙන කොටස් වලින් සියයට 16.33 ක් අයත් වන්නේ ටී. සෙන්තිවේල් මහතාටයි.