ත්‍රිමලේ වරායේ අභිවෘද්ධියට ජපානය මැදිහත් වෙයි

    March, 30, 2017

    ත්‍රිකුණාමලය වරායේ, වරාය ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හා නාවුක මඟපෙන්වීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ජපාන නිෂ්පාදන සපයා ගැනීම සඳහා ජපන් යෙන් බිලියන 1ක (දළ වශයෙන් රුපියල් බිලියන 1.3ක) ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත.

    ඒ අනුව එම ප්‍රදාන ආධාරය ලබාගැනීම වෙනුවෙන් ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.