January, 27, 2017
මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ත්‍රීරෝද රථ සඳහා අනුගමනය කළ යුතු නව නීති මාලාවක් 2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය තුළින් හඳුන්වා දෙනු ලැබීය.
කෙසේ වෙතත් මෙම නව නීති රෙගුලාසි ක්‍රියාත්මක වන දිනයක් අදාළ ගැසට් පත්‍රෙය් සඳහාන් වී නොතිබුණු අතර ඊයේ දින (2016 ජනවාරි 26) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම නව නීති 2017 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර තිබේ.
මේ අනුව කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් මෝටර් ට්‍රසියිකලයක් භාවිතා කරනු ලබන සෑම මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් සියලු අවස්ථාවල දී ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් එහි සවිකර තිබිය යුතු බව මෙමඟින් අනිවාර්ය කර තිබේ.
තව ද 2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ගාස්තු ගෙවීමෙන් පසු ඒ වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම ද මෝටර් ට්‍රයිසිකලයේ රියැදුරාගේ වගකීමක් බවට සඳහන් කර ඇත.
Video Story