July, 19, 2024
මේ වන විට ගෝලීය වශයෙන් වාර්තා වී ඇති පරිගණක පද්ධති බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා ගුවන් තොටුපොළ රැසක මෙහෙයුම් කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.
නවතම වාර්තාවලට අනුව ජර්මනියේ Lufthansa සහ ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයක් වන SAS Airline බලපෑමට ලක්ව ඇත. මෙම ගුවන්සේවා දෙකම පවසන්නේ ආසන වෙන්කිරීම්වලට අදාළ තාක්ෂණික බිඳවැටීම දැඩි ලෙස බලපා ඇති බවයි.
තවද ජර්මනියේ Eurowings ගුවන් සේවය සිය online check-in මේ වන විට ක්‍රියාත්මක නොවන බව නිවේදනය කර ඇත.
මේ අතර චෙක් රාජ්‍යයේ Prague ගුවන් තොටුපොළේ මගී සේවාවන් මේ වන විට අඩාලව ඇති අතර එම ගුවන් තොටුපොළ පවසන්නේ මේ හේතුවෙන් චෙක් අගනගරයේ සිට පිටත්වන ගුවන්ගමන්වල ප්‍රමාදයක් සිදුවන බවයි.
උතුරු අයර්ලන්තයේ Belfast ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහන් කරන්නේ මෙම තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් බලපෑමක් එල්ල වී තිබෙන නමුත් ගුවන් සේාව මෙහෙයුම් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.
එමෙන්ම ස්විස්ටර්ලන්තයේ Zurich හි විශාලතම ගුවන් තොටුපොළ වෙත මේ වන විට ගුවන් යානා ගොඩබෑම නවතා ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටී.

මෙම තාක්ෂණික බිඳවැටීම හෙතුවෙන් ස්පාඤ්ඥයේ මැඩ්රිඩ් නුවර Barajas ගුවන් තොටුපොළේ දැඩි මගී තදබදයක් ඇති වී ඇති අයුරු. (ඡායාරූපය - රොයිටර්ස්)