තාවකාලික සේවා බිඳවැටීමකට ලක් වූ LankaPay පද්ධතිය යථා තත්ත්වයට

    December, 8, 2025

    අනපේක්ෂිත විදුලි බිඳවැටීමක් හේතුවෙන්, LankaPay පද්ධතිය ඊයේ (07) උදෑසන සිට තාවකාලික සේවා බිඳවැටීමකට ලක්ව තිබුණි.

    කෙසේ වෙතත් ඔවුන් ඊයේ පස්වරුව වන විට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සවස 6.00 වන විට ඔවුන්ගේ ප්‍රධාන සේවාවන් සපයනු ලබන සියළුම පද්ධතීන් යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

    ඒ අනුව මේ වන විට අන්තර් බැංකු ATM ගනුදෙනු, අන්තර් බැංකු මුදල් හුවමාරු කිරීම් (CEFTS), LPOPP රාජ්‍ය ආයනික ගෙවීම්, JustPay, LankaPay කාඩ්පත්, GovPay සහ LANKAQR ගණුදෙනු මෙන්ම LankaSign ඩිජිටල් අත්සන් සේවා භාවිතය පෙර පරිදි සිදු කලහැකි බව ද එම නිවේදනයේ දැක්වේ.