June, 29, 2016
රා මැදීමේ නිරත ප්‍රජාවගේ හා තල් කර්මාන්තය මත යැපෙන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 112.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, නවීන යන්ත්‍රෝපකරණ යොදා තික්කම් ස්කාගාරය පුනරුත්ථාපනය කර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රා ලැබෙන කාල සමය තුළ වුවද රා මැදීම සීමා වී ඇත්තේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හේතුවෙන් උතුරු හා නැඟෙනහිර පළාත්වල සංස්කෘතියට බැඳී පවතින්නා වූත්, ආර්ථික වශයෙන් ඵලදායී වූත් තල් ගසෙන් දැනට උපරිම ප්‍රයෝජන නොගැනීම මෙම පියවර ගැනීමට මුල් වී තිබේ.
උතුරු පළාතේ තල් සංවර්ධන සමුපකාර සමිතිවල සාමාජිකයෝ 7,500ක් පමණ තල් රා මැදීමේ නිරත වෙති.
Video Story