October, 26, 2016
කොළඹ තිරිඹිරිගස්යාය මාර්ගයේ නැවතත් ‘තිඹිරිගස්’ රෝපණය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව සමග එක්ව ඔටාරා පදනම විසින් ආරම්භ කර තිබේ.
මෙම ප‍්‍රදේශයට තිඹිරිගස්යාය යන නම ලැබී තිබෙන්නේ එකළ මෙහි ‘තිඹිරිගස්’ තිබූ නිසා යැයි විශ්වාස කරන අතර ඔටාරා පදනමේ සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගියදා ‘තිඹිරි පැල’ (Diospyros malabarica) තුනක් සිටුවමින් මෙම නව වැඩසටහන දියත් කරන ලදී.
‘‘නාරාහේන්පිට සිට හැව්ලොක් ටවුම දෙසට වන මාර්ගය දිගේ එකළ තිඹිරිගස් තිබූ නිසා මෙම මාර්ගයට තිඹිරිගස්යාය යන නම ලැබී ඇතැයි විශ්වාස කරනවා’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔටාරා පදනම සඳහන් කරයි. ‘‘කෙසේවෙතත්, අද මෙම මාර්ගය දෙපස එක තිඹිරි ගසක්වත් දකින්නට ලැබෙන්නේ නෑ. මේ නිසා, කොළඹ මහ නගර සභාව සමග එක්වී ඔටාරා පදනම මෙම ප‍්‍රදේශයේ තිබූ ඉපැරණි සිරිය නැවතත් ලබාදීම වෙනුවෙන් හැකි තරම් තිඹිරි පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.’’
කොළඹ පරිසර හිතකාමී නගරයක් ලෙස පවත්වාගෙන යාමට කොළඹ මහ නගර සභාව සිදුකරන වැඩසටහන් වෙනුවෙන් ඔටාරා පදනම සහයෝගය ලබාදෙන අතර මහ නගර සභාවේ සේවකයින් සඳහා පසුගියදා ඔටාරා පදනම විසින් නිළ ඇඳුම් ලබාදෙන ලදී. මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගී වූ නගර සභා සේවකයින් මෙම නිළ ඇඳුම් හැඳ සිටිනු දක්නට ලැබුණි.
කොළඹ නගරයේ තිබෙන ගස් ප‍්‍රමාණය වර්ධනය කිරීම සඳහා කොළඹ අනිකුත් ප‍්‍රදේශ ආවරණය වන පරිදි ඇහැළ, මෝදිල්ල, කරඳ, කොහොඹ, ටකෝමරියා සහ කහ-මාර වැනි ශ‍්‍රී ලංකාවට ආවේණික ගස් 184 ක් වගා කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාව සමග ඒකාබද්ධ වී ඔටාරා පදනම මේ වනවිට දියත් කර තිබේ.
Video Story