තිරසර මුල්‍ය පිළිබඳ වැඩමුළුවේ සමාරම්භක සැසිය ජනපති ප්‍රධානත්වයෙන්

    February, 28, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ තිරසර බැංකු ජාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ තිරසර මුල්‍ය පිළිබද වැඩමුථවේ සමාරම්භක සැසිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයින් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයින් සහ විද්වතුන් පිරිසක් මෙම සමාරම්භක සැසියට එක්ව සිටියහ.