තිරසාර අනාගතයක් වෙනුවෙන් බාලදක්ෂයින් දිරිමත් කරමින් SDG HUB හිදී NDB බැංකුව වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය සමඟ අත්වැල් බැඳගනී

    December, 26, 2024

    NDB බැංකුව, වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමයේ (WNPS) තරුණ අංශය සමඟ එක්ව විහාර මහාදේවී උද්‍යානයේ පැවති 59 වැනි කොළඹ බාලදක්ෂ කඳවුරේ SDG HUB හිදී පරිසරය කේන්ද‍්‍ර කරගත් සාකච්ඡා මාලාවක් පවත්වන ලදී. SDG HUB හිදී විවිධ සාකච්ඡා සහ ක‍්‍රියාකාරකම් හරහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ප‍්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කෙරුණා. මෙම වැඩසටහනේ ඉලක්කය වූයේ තිරසාර සංවර්ධන ඉලක්ක හරහා ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සහභාගී වූවන්ගේ අවධානය යොමු කරවීමයි.

    ශ‍්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමයේ (BCSSL) සභාපතිනි නර්මදා දංගම්පොල මහත්මිය,  මහාචාර්ය දීප්ති වික‍්‍රමසිංහ සහ WNPS ANRM ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී තිළිණ කුමාරසිරි මහතා ඇතුළු එක්සත් ජාතීන්ගේ SDG හි  ගෞරවණීය උපදේශකයින් මෙම සාකච්ඡා සඳහා නව ජීවයක් එක් කරන ලදී. වනජීවී සහ වන සංරක්ෂණය පිළිබඳ අවධාරණය කරමින් සහ ශ‍්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය සුරැකීම සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස දැනුවත් කරමින්, ‘සොබාදහම සඳහා ශූරයින්’ යනුවෙන් මෙම සැසිවාර පැවැත්විණි. උද්‍යානයේ වැඩිපුරම කෘමි විශේෂයන් හඳුනාගත් අය සඳහා විශේෂ ත්‍යාග සමඟ ක්ෂේත‍්‍ර සටහන් තබා ගන්නා ආකාරය පිළිබඳව සහභාගී වන්නන්ට වටිනා පුහුණුවක් ද සංවිධානය කර තිබිණි. අපගේ වටිනා සම්පත් ඉතිරි කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද NDB බැංකුවේ නිලධාරීන් විසින් බාලදක්ෂයින් දැනුවත් කළහ.

    පාසල් 60කට අධික ප‍්‍රමාණයක් නියෝජනය කරමින් බාලදක්ෂයින් 3,000කගේ පමණ ක‍්‍රියාකාරී සහභාගීත්වයකින් බාලදක්ෂ කැම්පෝරිය පවත්වන ලදී. මෙම හවුල්කාරිත්වයේ කොටසක් ලෙස, NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ධනාත්මක ලෙස  සවිබල ගැන්වීමේ පුළුල් දැක්ම සහිතව පෙළගැසෙමින් තිරසාරභාවය සහ පාරිසරික ආරක්ෂණය සඳහා වූ සිය කැපවීම පෙන්නුම් කළේය. WNPS තරුණ අංශය සමඟ මෙම සහයෝගීතාවය NDB බැංකුවේ තිරසාරභාවය සඳහා වූ කැපවීම පිළිබිඹු කරනවා පමණක් නොව තරුණ පරම්පරාව අතර පරිසරය පිළිබඳ දැනුම පෝෂණය කිරීමේ බැංකුව සතු කාර්යභාරය ද ප‍්‍රදර්ශණය කළේය.

    වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) ලොව තුන්වන පැරණිතම සංරක්ෂණ සංවිධානය සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ සංවිධානය ලෙස වසර 130 ක ඉතිහාසයක් ඇති අතර, රටෙහි සැලකිය යුතු සංරක්ෂණ ක‍්‍රියාකාරකම් රැසක් ඉදිරියට ගෙන යයි. 2017 වසරේදී පිහිටුවන ලද එහි තරුණ අංශය හරහා, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ සොබාදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය මෙවලම් සහ දැනුමෙන් තරුණයන්ව සන්නද්ධ කරමින් සිසුන් 10,000 කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වී තිබේ.

    NDB බැංකුව මෙම වටිනා මුලපිරීම සඳහා හවුල් වීමට ලැබීම ගැන ආඩම්බර වන අතර ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර පාරිසරික දැනුවත්භාවය වර්ධනය කරමින් සහ අර්ථවත් ක‍්‍රියාකාරකම් දිරිගන්වමින් තිරසාර අනාගතයකට දායක වීමේ සිය මෙහෙවරෙහි නිබඳවම කැපවී සිටියි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.