February, 28, 2017
ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) යටතේ වන තිරසාර බැංකු ජාලය (Sustainable Banking Network, SBN) සමඟ එක්ව ‘තිරසාර මූල්‍ය‘ පිළිබඳ වැඩමුළුවක් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතය.
වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 සහ ඉදිරිය සඳහා වන මුදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති (පෙර දැක්ම) ප්‍රකාශයට පත් කරන ලදී. එම පෙර දැක්මට අනුව තිරසාර බැංකු ජාලයෙහි සාමාජිකයෙකු ලෙස දේශගුණික වශයෙන් හිතකර හා සමාජයේ සියලු දෙනාටම ප්‍රතිලාභ ගෙන දෙනු ලබන ව්‍යාපාර සඳහා සහාය වීමට සහ මූල්‍ය ආයතන විසින් හරිත මූල්‍යයනය කරනු ලබන ව්‍යාපාරවල පාරිසරික හා සමාජයීය අවදානම් මනාව කළමනාකරණයට සහාය වීම සඳහා තිරසාර බැංකු කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කරන බවට අවධාරණය කරන ලදී.
එමෙන්ම තිරසාර මූල්‍යකරණයේ වැදගත් පියවරක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල සහභාගිත්වයෙන් 2017 වසරේ පළමු කාර්තුවේ දී වාඩමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බවට ද නිවේදනය කරන ලදී.
Video Story