තිරසාර ව්‍යාපාරික පරිවර්තනයට මග පෙන්වමින් කොමර්ෂල් බැංකුවේ ‘ForwardTogether’ වැඩසටහන 2026 වසරට අළුත් මුහුණුවරකින්

    January, 28, 2026

    ශ්‍රී ලංකාවට මෙන් ම ගෝලීයව ද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, මෙම වසරේදීි ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී. “තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී.

    කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා පුද්ගලික බැංකුකරණය යන අංශ වල ගණුදෙණුකරුවන්, බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සමඟින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් රැසක් සහභාගී විය. තම දැක්ම ක්‍රියාවට නැංවීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ බැංකුවේ තිරසාරභාවය පිළිබඳ ජාතික සමුළුව හරහා ඇති වූ පිබිදීම හා එම ගම්‍යතාවයට අනුව හැඩගැසෙමින් පවත්වන ලද මෙම වැඩසටහන, බැංකුව විසින් දැනටමත් පුළුල් ලෙස දියත් කර ඇති ForwardTogether සංකල්පයේ ම කොටසක් බවත්, එහිදී ගණුදෙණුකරුවන්ගේ හවුල්කාරීත්වය සහ ධාරිතාව වර්ධනය කිරීම අවධානය යොමු කළ බවත්, බැංකුව පැවසී ය.

    ව්‍යාපාරයක තරඟකාරීත්වය වැඩිකර ගැනීමට, ආයෝජන පිළිබඳ තීරණ ගැනීමට මෙන් ම දිගුකාලීනව නොසැලී සිටීමේ හැකියාව ඇතිකර ගැනීමට, තිරසාරභාවය ඉවහල් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති ගෝලීය හා දේශීය දෘෂ්ටිකෝණවල දැනුම බෙදාහදා ගැනීම වෙනුවෙන් ඉතාමත් ක්‍රියාකාරී සහභාගීත්වයක් ඇතිවන පරිදි මෙම සැසිය සැලසුම් කර තිබිණි. නියාමකයින්ගේ මෙන්ම වෙළඳපල හා ආයෝජකයින්ගේ අපේක්ෂා පරිණාමය වන සහ දේශගුණික තත්ත්ව මගින් ආර්ථික ප්‍රතිඵලවලට වැඩි වශයෙන් බලපෑම් කරන අවධියක මෙම වැඩසටහන හරහා බැංකු හා ගණුදෙණුකරුවන් අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

    මෙම සැසියේ ප්‍රධාන අංගයක් වූයේ, දේශගුණික විපර්යාස අවදානම් සහ හරිත ආයෝජන අවස්ථා යන තේමාව යටතේ IFC හි ජ්‍යෙෂ්ඨ කර්මාන්ත විශේෂඥ හා ගෝලීය නිෂ්පාදන නායිකාව වන කුයෙන් තුක් න්ගුයෙන් මහත්මිය විසින් පැවැත් වූ තාක්ෂණික ඉදිරිපත් කිරීමයි. දිගුකාලීන වටිනාකම් නිර්මාණය කරමින් ඒවා ශක්තිමත් කර ගන්නා අතරතුර, ව්‍යාපාරවල අවදානම්වලට නිරාවරණය වීම අඩුකරගත හැකි ආකාරය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කළහැකි ආකාරය මෙන් ම තිරසාර ආයෝජන අවස්ථා විවෘත කළහැකි ආකාරය පිළිබඳව ද මෙම සැසිය හරහා ගෝලීය අත්දැකීම් උපයෝගී කරගත් ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන ලදී.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා සහ IFC හි කුයෙන් තුක් න්ගුයෙන් මහත්මිය අතර පැවැත් වූ සාකච්ඡා මණ්ඩපයක් ද මෙහිදී පැවැත්විණ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ආචාර්ය ගයාෂිකා ප්‍රනාන්දු මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාවේ තිරසාර ආයතනික පරිවර්තනය වේගවත් කිරීම සඳහා හවුල්කාරීත්වයන්, නව්‍යෝත්පාදනයන් මෙන් ම වගකිවයුතු මූල්‍යකරණයේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමුකළ අතර උපායමාර්ග හා මිනුම් දඬු වලින් මිදී, ක්‍රියාකාරීත්වය හා සහයෝගීතාවයට ගමන් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන ලදී.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

     

    සේයාරු සටහන: (ඉහළ) IFC හි ජ්‍යෙෂ්ඨ කර්මාන්ත විශේෂඥ හා ගෝලීය නිෂ්පාදන නායිකාව වන කුයෙන් තුක් න්ගුයෙන් මහත්මිය උත්සවය අමතමින්, සහ (පහත) සාකච්ඡාවේ යෙදී සිටින විද්වතුන්