තිස්සමහාරාම විහාරයට සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා වෙතින් සූර්ය බල පද්ධතියක්

    November, 19, 2024

    කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා එක්ව තිස්සමහාරාමයේ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ තිස්සමහාරාම රජ මහා විහාරයේ භාවිතය සඳහා සූර්ය පැනල බල සැපයුම් පද්ධතියක් පරිත්‍යාග කර ඇත.

    එම මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණුව ලබන ශිෂ්‍යයන් හා විහාරය වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ සෑම දෙසින්ම පැමිණෙන බැතිමතුන් සඳහාත් මෙම ආයතන දෙකෙහි විදුලි බල පිරිවැය අවම කිරීමටත් කිලෝ වොට් 40 ක සූර්ය පැනල පද්ධතියේ ප්‍රතිලාභ ලබයි.

    මෙම පරිත්‍යාගය කොමර්ෂල් බැංකුව සහ හේලීස් සෝලා යන ආයතන දෙකෙහි  උපායමාර්ගික සහයෝගීතාවය මත සිදුවූ අතර බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය පහසුකම යටතේ ව්‍යාපාර සඳහා හේලිස් සෝලා වෙතින් සූර්ය පැනල පද්ධති මිලදී ගන්නන් හට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ද සහනදායී කොන්දේසි මත සපයනු ලබයි.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, හේලීස් සෝලා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හසිත් ප්‍රේමතිලක මහතා සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ.ඒ. ලලිතධීර මහතා සූර්ය පැනල පද්ධතිය පරිත්‍යාග කරන අවස්ථාවේ සමරු ඵලකය නිරාවරණය කරන අයුරු සේයාරුවෙන් දැක්වෙයි.