February, 9, 2016
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිල සංචාරයක් සඳහා තුර්කිය බලා පිටත්ව ගොස් තිබේ.
තුර්කියට අපනයනය කරනු ලබන තේ ප්‍රමාණය වර්ධනය කරලීම මෙම සංචාරයේ මූලික අරමුණයි.
අමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය හා තේ අපනයනයකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් මෙම සංචාරය සඳහා එක් වී තිබේ.
මෙරට තේ අපනයනය කරනු ලබන රටවලින් පළමු තැන රුසියාවට හිමිවන අතර දෙවැනි තැන පසුවන්නේ තුර්කියයි. කෙසේ වෙතත් පසුගිය වසර තුළ දී තුර්කිය වෙත අපනයනය කරනු ලැබූ තේ ප්‍රමාණය 24.67% කින් පහළ වැටී ඇති බව දත්ත වාර්තා සඳහන් කර සිටී.
Video Story