December, 18, 2015
සංවර්ධිත රාජ්‍යයන්ගෙන් සමන්විත G-20 සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු හා දැනට එහි සභාපතිත්වය දරන තුර්කිය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය අදහස් කර තිබේ. දෙරට අතර ද්විපාර්ශවික සබඳතාව මූල්‍යමය සහයෝගීතාව මඟින් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා තුර්කියේ අපනයන ණය බැංකුව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ, තුර්කියේ අපනයන ණය බැංකුව විසින් ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක ණය අරමුදල් සැපයීමට එකඟ වී ඇත.
රටේ සංවර්ධනය සඳහා වූ ගමන් මාර්ගය වඩා ශක්තිමත් කිරීමෙහිලා නව සංවර්ධන සහකරුවන් ආකර්ෂණය කරගැනීම හා පවත්නා සංවර්ධන සහකරුවන්ගේ සංඛ්‍යාව පුළුල් කිරීමේ අරමුණින් යුතුව මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමට රජය පියවර ගෙන තිබේ.
Video Story