October, 31, 2019
අධි තාක්ෂණික කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමක් වන ATG සමූහ ව්‍යාපාරය සිය තිරසාර ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 22වන බලසේනාවේ ද සහාය ඇතිව ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ මොරවැව ප‍්‍රදේශයේ රුක්රෝපණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරමින් පැළ 1500ක් රෝපණය කිරීමට පසුගියදා පියවර ගත්තේය.
මෙම රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් ATG සමූහය විසින් රුපියල් මිලියන 3.1ක ආයෝජනයක් සිදු කළ අතර ශ‍්‍රී ලංකා යුද හමුදාව ,මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනයන්ගේ ඉහළ දායකත්වයක් ද මේ සඳහා හිමි විය.
ATG සමූහ ව්‍යාපාරය විසින් දියත් කළ මෙම රුක්රෝපණ වැඩසටහන තුළදී වාණිජමය සහ ඖෂධීය වටිනාකමක් සහිත දුර්ලභ ශාඛයන් වන මී, දොඹ, ඇහැළ, මාදං, ගංසූරිය වැනි ශාඛයන්ගේ පැළ රෝපණය කරනු ලැබීය. මෙම ශාඛයන් සඳහා අවශ්‍ය ජල සම්පාදනයේදී ජාතික විදුලි බල පද්ධතියට බරක් නොවී පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයක් වන සූර්ය බලය උපයෝගී කර ගැනීම මෙම ව්‍යාපෘතියෙහි වටිනාකම තවත් වැඩි වීමට හේතුවක් විය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ATG සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ පර්යේෂණ සහ සංවර්ධන සුනිල් මෙන්ඩිස් මහතා පැවසුවේ වර්තමාන අභියෝගයන් ජයගැනීමට නම් නවීන තාක්ෂණය භාවිතා කළ යුතු වීම අත්‍යවශ්‍ය බවයි.‘‘ මොරවැව ප‍්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ වසරකට මාස තුනක් පමණයි. මේ වර්ෂාපතනය ශාඛවල වර්ධනයට කිසිදු ලෙසකින් ප‍්‍රමාණවත් නැහැ. මේ අභියෝගය ජයගත හැක්කේ තිරසාර විසඳුමකින් යන්න අපි අවබෝධ කර ගත් නිසා රෝපණය කළ පැළ 1500 වෙත ජලය පොම්ප කිරීමට වසර පුරාම මේ ප‍්‍රදේශයට ලැබෙන සූර්ය බලය අපි උපයෝගී කර ගනු ලැබුවා. මීට අමතරව රෝපණය කළ සෑම පැළයක් යටම ජල ටැංකියක් රඳවමින් අමතර ජලය එක් රැස් කර වඩාත් තිරසාර ලෙස එම ජලය ශාඛයන්ගේ වෙත යළිත් යළිත් ලබා දීමට හැකි ලෙස සමස්ත පද්ධතියම ස්වයක‍්‍රීය කි‍්‍රයාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යෑමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි’’ යනුවෙන් ඔහු සඳහන් කළේය.
සුනිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙහි තාක්ෂණික පෙළහර සඳහා අවශ්‍ය උපදේශකත්වය මධ්‍යම පරිසර අධිකාරිය විසින් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් බවයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ATG සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් ටේලර් සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ෆසාල් ආබ්දීන් යන මහත්වරුන්ගේ සංකල්පයකට අනුව ක‍්‍රියාවට නැංවූ අතර පරිසරය සංරක්ෂණය කරමින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ජයගැනීමට සහාය වීමද මෙහි පරමාර්ථයන් අතර වූහ.
වැඩිදුරටත් අදහස් දක්වන සුනිල් මෙන්ඩිස් මහතා ‘‘ ගෝලීය උණුසුම අවම කිරීමට ගත හැකි සෑම පියවරක් සඳහාම දායකවීම මෙරට සිටින සෑම පුරවැසියකුගේම යුතුකමක්. වනාන්තර වැස්ම වර්ධනය කිරීම තුළින් ගෝලීය වශයෙන් දැඩිව වායු ගෝලයට මුදාහරින හරිත වායුන් වන කාබන්ඩයොක්සයිඞ් වැනි වායුන්ගෙන් සිදු වන බලපෑම අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා’’ යනුවෙන් පැවසීය.
රුක් රෝපණයෙහි වටිනාකම පිලිබඳව අවබෝධයක් සහිත සමූහ ව්‍යාපාරයක් ලෙසට රාජ්‍ය මට්ටමින් සිදු කරන මහා පරිමාණයේ වන වගා ව්‍යාපෘති සඳහා මූල්‍යමය දායකත්වයක් ලබාදීමට ATG සමූහ ව්‍යාපාරය අඛණ්ඩව පියවර ගෙන ඇත. මීට නිදසුනක් ලෙස දඹුල්ල මහනගර සභාව සමග අත්වැල් බැඳ ගනිමින් පසුගිය වසරේදී දියත් කළ ‘දඹුල්ල හරිත ව්‍යාපෘතිය’ යටතේ කුඹුක් පැළ 1000ක් රෝපණය කිරීමට ද ATG සමූහ ව්‍යාපාරය කටයුතු කළේය.
Video Story