තුවක්කු ආඥාපනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

    March, 30, 2021

    අවසන් වරට 1996 අංක 22 දරන පනත මඟින් සංශෝධනය කරන ලද 1916 අංක 33 දරන (182 අධිකාරිය වන) තුවක්කු ආඥාපනත තවදුරටත් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2007 ජුනි මස 13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    එහෙත්, වරින් වර ඉදිරිපත් වූ සංශෝධනයන් හේතුවෙන් පනත කෙටුම්පත් කිරීමේ කාර්යය ප්‍රමාද වී ඇත.

    එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අදාළ සියලුම සංශෝධනයන් ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.