තෙල් ගවේෂණයට සිංගපූරුවෙන් Bona Vista Energy එයි

    September, 20, 2016

    මෙරට මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා සිංගපූරු සමාගමක් වන Bona Vista Energy සමාගමට ගවේෂණ තීරයෙන් කොටසක් පැවරීමට තීරණය කර ඇතැයි පෙට්‍රොලියම් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. පසුගිය දා මෙරට විදෙස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් හමු වූ අවස්ථාවක අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත.

    උතුරු මුහුදු තීරයේ කොටසක් මෙලෙසින් Bona Vista Energy සමාගම වෙත පැවරීමට කටයුතු කරනු ලබන අතර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ මීට පෙර Cairn Energy සමාගම වයඹ දිග මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු සිදුකළ ද එහි ඉදිරියක් දැකීමට අපොහොසත් වූ බවයි.