March, 11, 2016
තෙල්, ගෑස් සහ ගුවන් සේවා සම්බන්ධ ආයෝජන පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් බහරේනයේ රාජකීය කුමරු, Sheik Salman bin khalifa Al khalifa සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීමට ඇති හැකියාව සහ ආයෝජන කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මූල්‍ය ක්ෂේත්රයේ ආයෝජනයට ඇති අවස්ථාවන් සේම ද්වීපාර්ශවික වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.
දෙරට අතර දැනට පවතින ආර්ථික සහයෝගීතාවට අදාළ ක්‍රියාකාරකම් පහසු කරලීම සඳහා ශ්‍රී ලංකාව තුළ බහරේන තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද Sheik Salman bin khalifa Al khalifa කුමරු විසින් මෙහි දී පෙන්වා දුන්නේ ය.
Video Story