January, 7, 2025
අඛණ්ඩව තෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (07) දිනයේ දීද දක්නට ලැබුණි. 2025 ජනවාරි 02 දින දක්වා අඛණ්ඩව ගනුදෙනු දින 26ක් පුරාවට කොටස් වෙළෙඳපොළ ඉහළ යාමක් වාර්තා වූ අතර එතැන් පටන් මේ දක්වා පැවති තත්ත්වයේ ආපසු හැරීමක් නිරීක්ෂණය කළ හැකිය.
ඒ අනුව අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23.96 කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 15,854.64ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 2.73කින් පහළ ගොස් ඒකක 4,802.21 ක් ලෙසින් සටහන් විය.
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ දී ගනුදෙනු පිරිවැටුමෙහි පහළ යාමක් දක්නට ලැබුණු අතර එම අගය වාර්තා වූයේ රු. බිලියන 4.56 ක් ලෙසිනි.
Video Story