March, 28, 2016
සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී හි වාර්තාවකට අනුව 2016 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා තේ අපනයනවල සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ.
එම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව විසින් වැඩි වශයෙන් තේ අපනයනය කරනු ලබන රටවල් ලෙසින් වාර්තා වනුයේ රුසියාව, ඉරානය හා ඉරාකයයි. කෙසේ වෙතත් පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම කාලපරිච්ඡේදය තුළ දී තුර්කිය වෙත අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 3.05 කින් අඩු වී තිබේ. මෙය 50.06% ක අඩු වීමකි.
පෙබරවාරි මාසය තුළ දී අපනයනය කර ඇති මුළු තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 23.61 ක් වන අතර ඊට තේ ප්‍රතිඅපනයනයන් ද අන්තර්ගත වේ. මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසඳීමේ දී කිලෝග්‍රෑම් මිලියන 0.06 ක හෙවත් 0.24% ක ඉහළ යාමකි.
කෙසේ වෙතත් වසරේ පළමු මාස දෙක තුළ දී තේ කිලෝග්‍රෑම් මිලියන 47.74ක් ශ්‍රී ලංකාව විසින් අපනයනය කර තිබෙන අතර එය පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව තේ කිලෝ මිලියන 0.29 ක් හෙවයත් 0.61% පහළ යාමකි.
Video Story