October, 21, 2016
දැනට ලේඛන ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන තේ දලු නෙලීමේ සිට නිෂ්පාදනය, ප්‍රවාහනය, වෙන්දේසිය, තත්ත්ව පරික්ෂාව, මිශ්‍ර කිරීම, ඇසුරුම් කිරීම සහ අපනයනය කිරීම දක්වා වූ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධීක්ෂණය සහ පසු විපරම් කිරීම යටතේ සිදුවන ක්‍රියාවලියේ කටයුතු වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ පද්ධතියක් රුපියල් මිලියන 220ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා තේවල ඇති අද්විතීය ගුණාංග හේතුවෙන් ඒ සඳහා ලෝක වෙළඳපොළ තුළ ඉහළ මිලක් හිමිවන නමුත්, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ වෙළඳ භාණ්ඩවල මිල ගණන් ගෝලීය මට්ටමෙන් අවපාතයකට ලක්ව තිබීම හේතුවෙන් තේ කර්මාන්තයේ ලාභදායීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත්, මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාවේ තේ අපනයනයේ අනාගත සුරක්ෂිතතාව සඳහා ඉහළ තත්වයේ ප්‍රමිති යොදා ගැනීම අත්‍යවශ්‍ය වන බවත් රජය මෙහිදී අවධාරණය කර සිටී.