August, 21, 2015
මෙරට ප්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාවේ සහ මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ පිට පිටම 11 වන වතාවටත් මේ ජුනි මාසයේදී මෙරට තේ අපනයන අඩුවී තිබේ.
ගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව මේ ජුනි මාසයේදී රැසියාවට මෙරටින් අපනයනය කළ තේ ප්‍රමාණය සියයට 29 කින් අඩුවී තිබෙන අතර මැදපෙරදිගට අපනයනය කළ තේ ප්‍රමාණය සියයට 24 කින් අඩුවී ඇත.
මේ නිසා, මෙරටින් ගෙවුණු ජුනි මාසයේදී අපනයනය කළ සමස්ත තේ ප්‍රමාණය අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.
රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහත රට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්ත කරුවන් සඳහන් කරන්නේ පහත රට තේ මිල මේ නිසා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි.
පසුගිය කාලයේදී රූබලය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පමණ අවප්‍රමාණය වූ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා තිබෙන්නේ රුසියාවේ ණය වර්ගීකරණය ඉදිරියේදී පහළ දැමීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවයි.
ශ්‍රී ලංකාවෙන් වසරකට තේ මෙට්‍රික් ටොන් මිලියන 300 ක් පමණ පිටරට යවන අතර මින් මෙට්‍රික් ටොන් මිලියන 200 ක් පමණම පහත රට තේ වේ.
පහත රට තේ වලින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 40 ක් පමණ මිලදී ගන්නේ රුසියාව විසිනි. ඒ අනුව, පහත රට තේ මිලදී ගන්නා ප්‍රමුඛම රට වන්නේ රුසියාවයි.
රුසියාවේ ආර්ථික අර්බුදය නිසා එරට විසින් මිලදී ගන්නා ශ්‍රී ලංකා තේ ප්‍රමාණය අඩුවී තිබේ.
Video Story