October, 1, 2025
තේ කර්මාන්තයේ විශාලතම අපනයනකරුවකු වන ඊස්වරන් බ්‍රදර්ස්, තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ව නායකත්ව භූමිකාවන් වෙත ඔසවා තැබීමට සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩසටහන කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක ගෝලීය සමාගමක් වන Value for Women (VFW) සමඟ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා Dutch Development Bank හෙවත්, ඕලන්ද සංවර්ධන බැංකුවේ (FMO) සහාය ලැබේ.
මෙම නව වැඩසටහන දියත් කිරීම තුලින් ආයතනික සංස්කෘතිය සහ අනාගත මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් හොඳම ක්‍රමවේදයන් භාවිත කරනා ඊස්වරන් බ්‍රදර්ස් සමාගමෙහි තවත් ඉදිරි හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් විධායක සභාපති ගනේෂ් දේවනායගම් මහතා කියා සිටියේ, “මෙම හවුල්කාරිත්වය තුළ කැපී පෙනෙන කරුණක් වන්නේ, වටිනාකම්වලින් පිරුණු පවුලේ ව්‍යාපාරයක් ලෙස ඊස්වරන් බ්‍රදර්ස් සමාගමට, VFW සහ FMO සමඟ එක්ව දීර්ඝකාලීන වැඩසටහනක් තේ කර්මාන්තයේ නියැළෙන කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කිරීමට හැකියාව ලැබීම සහ මෙය, උපායමාර්ගිකව කටයුතු කරන, දුරදර්ශීව කල්පනා කරන සහ නිවැරදි දෑ කරන බවට සමාගම කෙරෙහි තිබෙන විශ්වාසය යළි තහවුරු කළ අවස්ථාවක්.” යනුවෙනි.
2024 ඔක්තෝම්බර් මසදී දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ විස්තීර්ණ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වාර්තාවක් සහ ඊස්වරන් බ්‍රදර්ස් සහ ශ්‍රී ලාංකික සන්දර්භය සඳහා සකස් කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් සම-නිර්මාණය අරමුණෙනි. මෙම ක්‍රියාවලිය මඟින්, ශක්තිමත් සහ වැඩ කිරීම සඳහා වඩාත් සුදුසු සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘති මෙන්ම සමාන අවස්ථා වැනි කාන්තාවන් උදෙසා ඉදිරිගාමී ප්‍රතිපත්ති නිර්මාණය වී තිබේ. කාන්තා නායකත්ව පුහුණුව, අනුග්‍රාහකත්වය සහ උපදේශන අවස්ථා, දරු ප්‍රසූතියේදී පීතෘ නිවාඩු, ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට නැවත රැකියාවට පැමිණීමේ සහාය, පීඩනයට එරෙහි නීති ශක්තිමත් කර, මානසික සෞඛ්‍ය සහයෝගය ලබා දීම, කළමනාකරුවන් හෝ පාලක නිලධාරීන් දක්වා ඉහළට යෑමට පුහුණු කිරීම මෙයට ඇතුළත් වේ. එසේම, කාන්තා සේවකයින් අතර ආර්ථික සවිබල ගැන්වීම වැඩි දියුණු කිරීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් දියත් කිරීම් ද මීට ඇතුළත් වේ.
මෙම වැඩසටහන සම්බන්ධව සමාගමේ නීති හා මානව සම්පත් ප්‍රධානී නිමාලි සෙනෙවිරත්න මහත්මිය පැවසූවේ “ලෝකයේ හොඳම සමාගම් සමඟ තරඟකාරීවයක් ඇතිව කටයුතු කිරිමට තරම් අප ශක්තිමත් වෙමින් සිටිනවා.” යනුවෙනි.
2025 ජූලි මාසයේදී පවත්වන ලද දින තුනක මධ්‍ය ව්‍යාපෘති සමාලෝචනයකින් ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ආයතනික සංස්කෘතිය තුළ ද ශක්තිමත් ප්‍රගතියක් තිබෙන බව තහවුරු විය- මේ අනුව, ආයතනික අභ්‍යන්තරයට වෙනස්කම් එක් කරන කළමනාකරුවන්, නියෝජිතයන් ලෙස පුහුණු කර, අභ්‍යන්තරයෙන් ම සමානාත්මතාවයේ වැඩපිළිවෙළට නායකත්වය දී තිබේ. මෙම වැඩසටහන මඟින් කාන්තාවන්ට වැඩි විශ්වාසයක් ලැබී ඇති අතර, පිරිමි සේවකයන් නොදැනුවත්ව තිබූ බොහෝ අංශ පිළිබඳ දැනුවත් වීමේ අවස්ථා උදාවී තිබේ.
එසේම මෙම වැඩසටහන සම්බන්ධව නිෂ්පාදන අධීක්ෂිකාවක් කියා සිටියේ: “මම අනාගත නායකයෙක්: කියන විශ්වාසය මට දැන් තිබෙනවා. නායකත්ව පුහුණුව මට හිතා ගත නොහැකි අවස්ථා දැක ගැනීමට උදවු කළා.” යනුවෙනි.
Value for Women සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී, රෙබෙකා ෆ්‍රයිස් ද මෙසේ පැවසුවා ය. “ඊස්වරන් සමාගමේ විශේෂත්වය වන්නේ, ඔවුන් සමානාත්මතාව අනුගමනය කරන්නේ නීතිමය ගැටලුවක් ලෙස නොව, ව්‍යාපාරමය උපායමාර්ගයක් ලෙසයි. ප්‍රායෝගික සහ තිරසර පියවර ගනිමින්, සමානාත්මතාව මඟින් මිනිසුන්ටත් ව්‍යාපාරයටත් නව හැකියා සහ අවස්ථා විවෘත කළ හැකි බව ඔවුන් ව්‍යාපාරික ලෝකයට පෙන්වමින් සිටිනවා.” යනුවෙනි.
කාර්ය සාධන දර්ශක (KPI) ඇගයීම් හා වඩාත් කාර්යක්ෂම උපායමාර්ග සමඟ, මෙම නායකත්ව සංවර්ධන වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ තිරසාර වර්ධනය සඳහා නව මානයක් පිහිටුවීම ඊස්වරන් බ්‍රදර්ස් සමාගමේ අරමුණයි.
