තේ පාලන නීති දැඩිවෙයි

    May, 11, 2016

    1957 අංක 51 දරන තේ පාලන පනත යටතේ දැක්වෙන වරදකට වරදකරුවකු වූ පුද්ගලයකුට එරෙහිව අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් 50,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා සහ වරදක් සමථයකට පත් කිරීමේදී අය කළ හැකි උපරිම මුදල රුපියල් 10,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළ නැංවීම සඳහා තේ පාලන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    මේ අනුව සිංහල භාෂාවෙන් වර්තමානයේ ව්‍යවහාර කෙරෙන 'කසළ තේ' යන වචනය වෙනුවට එයට වඩාත් ගැළපෙන 'ප්‍රතික්ෂේපිත තේ' යන වචනය මින් ඉදිරියට භාවිත කිරීමට ද මෙහිදී තීරණය කර තිබිණි.

    Video Story

    Stock Market

    Exchange Rates