තේ වගාකරුවන්ට පොහොර සහනාධාරයක්

    August, 22, 2024

    පසුගිය කාලපරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩුවීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති බව හඳුනාගනු ලැබ ඇත.
    එබැවින්, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගාකරුවන්ට සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ.
    ඒ අනුව, රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000/-ක සහනයක් සහිතව තේ වගාකරුවන් වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.