January, 22, 2025
තේ සඳහා අය කරනු ලබන සෙස් බද්ද හරහා පසුගිය 2024 වසරේ දී රු. මිලියන 1,618.23 ක ආදායමක් උපයා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අද (22) දින පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, සෙස් මුදල් ශ්‍රී ලංකා රේගුව විසින් එකතු කරන අතර එම මුදල් මහාභාණ්ඩාගාරය වෙත් ප්‍රේෂණය කරනු ලබනු බවයි. එසේම ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය යන ආයතන වෙත සෙස් බදු ආදායමේ මුදල් වෙන්කිරීමක් සිදු නොකෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළ ආකාරයට තේ සඳහා සෙස් බදු අය කරන ආකාරය පහත පරිදි වේ.
Video Story