දක්‍ෂ වෘත්තිකයෙකු බිහි කරන “Path to Your Real Success” සම්මන්ත‍්‍රණය සාර්ථකව නිමාවේ

    October, 19, 2016

    පන්නිපිටියේ PACE Institute ආයතනය විසින් සංවිධානය කළ “Path to Your Real Success” සම්මන්ත‍්‍රණය ඉතා සාර්ථක අන්දමින් පසුගියදා පැවැත්විය. මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන අරමුණ වුයේ ජීවිත සාර්ථකත්වය අත් කරගැනීම සදහා කුඩා කල සිට සිය සහජ දක්‍ෂතා අනුව තරුණ තරුණියන් රැකියා ඉලක්ක කර ගොඩනැන්වීමයි.

    ඒ අනුව අධ්‍යාපන සහතික එක් රැස්කිරීමේ සම්ප‍්‍රදායික අධ්‍යාපන රැල්ලෙන් ඔබ්බට ගොස් රැකියා වෙළෙඳපල අපේක්‍ෂා කරන වෘත්තිකයන් නිර්මාණය කරන්නේ කෙසේද යන්න මෙම සම්මන්ත‍්‍රණයේදී ඉතා ගැඹුරින් සාකච්ජා කෙරිණ.

    ඔබේ ජීවිත සාර්ථකත්වය ලබාගත හැකි වෘත්තීය අධ්‍යාපන මාර්ග මොනවාද? සහතික පමණක් වෘත්තීය දියුණුව සඳහා ප‍්‍රමාණවත්ද? නවීන ලෝකයට ගැලපෙන වෘත්තීය සුදුසුකම් සහ පාඨමාලා මොනවාද? ඉහල වැටුපක් ලබන රැකියා මොනවාද? ඒවා ලබාගන්නේ කෙසේද? රැකියා වෙළෙඳපල අපේක්‍ෂා කරන දක්‍ෂ වෘත්තිකයෙකු වන්නේ කෙසේද? යන ප‍්‍රශ්ණ පිළිබඳව වැඩි අවදානයක් යොමු විය.

    සම්මන්ත‍්‍රණයේදී අදහස් දැක් වු PACE Institute ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ අධ්‍යක්‍ෂ සජිත් ද සිල්වා මහතා අවධාරණය කළේ සේවා යෝජකයවන් හැමවිට බලාපොරොත්තු වන්නේ වෘත්තිකයා දක්‍ෂතා ඇති කාර්්‍යශුර නිර්මාණශීලිව සිතන අයෙකු බවයි. පහසුවෙන් රැුකියාවක යෙදවිය හැකි වීමද සේවායෝජකයන්ගේ ප‍්‍රධාන අපේක්‍ෂාවක් වේ. ඉදිරිය ගැන සිතා සිය ව්‍යාපාරික ආයතනයේ දියුණුව උදෙසා කටයුතු කරන අයෙකුට සැමවිට සේවා යෝජකයන් කැමැති බව සජිත් ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    PACE Institute ආයතනයේ අධ්‍යක්‍ෂ කපිල විතානගේ මහතා කියා සිටියේ අද පෞද්ගලික අංශයේ විශාල රැකියා අවස්ථා ඇති නමුත් අද රැකියා අපේක්‍ෂාවෙන් සිටින බොහෝ තරුණ තරුණියන්ට පෞද්ලගික ආයතන අපේක්‍ෂා කරන වෘත්තිය නිපුණතා නොමැති බවයි. ඒ නිසා සම්මුඛ පරික්‍ෂණ සඳහා විශාල පිරිසක් කැදවීමට සිදුවන අතර තෝරා ගන්නා අයටද සිය අයතනයේ අවශ්‍යතාවට අනුව විශාල මුදලක් වැය කර පුහුණු කිරීමට සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

    ප‍්‍රවීන අලෙවිකරණ හා පරිපාලන උපදේශකවරයෙකු වන නලින් ආටිගල මහතා පැවසුවේ කුඩා අවදියේ සිට ලමුන්ට වගකීම් සහගතව කටයුතු කිරීමට පුරුදු කිරීම මගින් එම දරුවන් වැඩිහිටියන් ලෙස සාර්ථක වෘත්තිකයන් ලෙස වැඩ කිරීමට පුරුදු පුහුණු වන බවයි.

    වර්ථමාන තරගකාරී අධ්‍යාපන රටාව තුල බහුතරයක් අධ්‍යාපන සහතික ලබා ගැනීමේ රැුල්ලට යයි. අධ්‍යාපන සහතික දැන් සෑම දෙනාටම ඇති නිසා එම සියලූ දෙනා අතරින් ඔබ සුවිශේෂි පුද්ගලයෙකු වී රැකියා වෙළෙඳපල අපේක්‍ෂා කරන වෘත්තිකයෙකු වීමට අකල්ප හා වෘත්තීය නිපුනතා ප‍්‍රගුණ කල යුතු බව මෙහිදි අදහස් දැක් වූ PACE Institute ආයතනයේ දේශක ලක්මාල් රත්නායක මහතා පෙන්වා දුන්නේය.

    පන්නිපිටිය PACE Institute ආයතන පරිශ‍්‍රයේ දී නොමිලේ පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය සඳහා විශාල පිරිසක් සහභාගි වු අතර ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය කරුණු වෙන වෙනම සාකච්ජා කිරීමටද මෙහිදි අවස්ථාව සැලසිණි. ඔබටත් වෘත්තිය මාවතක් ඔස්සේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 011 5923500 - 5 හෝ විද්‍යුත් ලිපිනය info@pace.lk ඔස්සේ PACE Institute අමතන්න.

    ජායාරූපය - “Path to Your Real Success” සම්මන්ත‍්‍රණය සහභාගි වු පිරිස සහ කථිකයන්