දකුණු අධිවේගියට විදුලි කාර් ආරෝපණ පහසුකම්

    September, 25, 2015

    දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ පිහිටි විවේක ස්ථානයේ විදුලි මෝටර් රථ ආරෝපණය සඳහා ස්ථාන 06 ක් පිහිටුවීමට වාසනා ට්‍රේඩිං සමාගම කටයුතු කරමින් සිටින බව වාසනා ට්‍රේඩිං සමාගමේ අධ්‍යක්ෂ, ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පැවසීය.

    ඔහු අප සමග පැවසුවේ මාර්ගය දෙපස ඇති විවේක ස්ථාන දෙක තුළ එක් ස්ථානයක ආරෝපණ ස්ථාන 03 බැගින් ආරම්භ කරන බවයි.

    “මේ සඳහා අපට රජයෙන් අනුමැතිය ලැබී තිබෙනවා. මෙහිදී, අප පිහිටුවන්නේ ගෙදරදී මෙන් සාමාන්‍ය ආකාරයෙන් විදුලි මෝටර් රථ ආරෝපණය කළ හැකි ස්ථානයි.“

    යනුවෙන් මෙරෙංචිගේ මහතා කීය.

    මේ වනවිට, ලංකාවේ විදුලි මෝටර් රථ ප්‍රචලිත වෙමින් තිබෙන අතර ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රජයේ අවධානය මේ වනවිට යොමුවී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates