දකුණු අධිවේගියේ දිනක සාමාන්‍ය ආදායම ලක්ෂ 34 ක්

    April, 9, 2014

    දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් 2013 වසරේදී රුපියල් මිලියන 3.4 ක දෛනික සාමාන්‍ය ආදායමක් ලබාගත් බවත් එම වසරේදී මාර්ගයේ සාමාන්‍යයෙන් වාහන 8,700 ක් පමණ දිනකට ගමන් ගත් බවත් හෙළිවේ.

    මෙම කරුණු ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 වසර වෙනුවෙන් නිකුත් කර තිබෙන වාර්ෂික වාර්තාවේයි.

    දිනකට රුපියල් ලක්ෂ 34 ක ආදායමක් උපයා ගත්තා නම් මාර්ගය තුළින් 2013 වසරේදී රජය උපයාගත් ආදායම රුපියල් මිලියන 1200 කට ආසන්න බව උපකල්පනය කළ හැකිය.

    දක්ෂිණ අධිවේගී මාර්ගය මේ වනවිට කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා විවෘත කර ඇත.