දකුණු ආසියානු සහයෝගිතා ව්‍යාපාරික සමුළුවේදී ඉහළම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සම්මානයෙන් zMessenger පිදුම් ලබයි

    October, 28, 2016

    මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී ‘සී මැසෙන්ජර්’ ( zMessenger ) සමාගම සිය විශිෂ්ඨත්වය ඉහළින්ම තහවුරු කරගනිමින් ඉකුත්දා කොළඹ ‘වෝටර්ස් එජ්’ හී පැවැති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව ( SAPS) සහ ව්‍යාපාරික සම්මාන උළෙලේදී දකුණු ආසියානු කලාපයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සමාගම’ ලෙසින් සම්මානයට පාත‍්‍රවිය.

    දිනෙන් දින ශක්තිමත්ව සාර්ථකත්වයේ පෙරටම යන සහ නව මං ඔස්සේ ගමන් කරමින් සිය ව්‍යාපාරික අවස්ථා ඉහළ නංවාගත් ආසියානු කලාපයේ ආයතනවලට ගෞරව පිදීම සහ එම සාර්ථකත්වය ඇගයීම පිණිස පවත්වන ලද අදාළ SAPS ව්‍යාපාරික සම්මාන උළෙල සඳහා දකුණු ආසියානු රටවල් 8ක ව්‍යාපාරික ප‍්‍රධානීන් සහ විධායකයෝ සහභාගී වූහ.

    මෙරට ඩිජිටල් අලෙවිකරණයේ පසුබිම ඉතා ස්ථාවරව ගොඩනංවා, ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත‍්‍රයේ ලෝකයේ වේගවත් ඉදිරි ගමන හා කරට කර ගමනක යෙදිය හැකි වන සේ දේශීය ආයතන සවිගන්වමින් වඩාත් නිර්මාණශීලීව, සැලසුම්සහගතව ඩිජිටල් අලෙවිකරණ ක‍්‍රමෝපායන් ඔස්සේ, සාධනීය ලෙසින් වසර 13 කට අධික කාලයක අත්දැකීම් සමගින් ගොඩනැගුණු zMessenger සාර්ථකත්වය මෙහිදී ඉහළින්ම ඇගයීමට ලක්විය.

    බැංකු, මුල්‍යායතන, පාරිභෝගික භාණ්ඩ, නිෂ්පාදන, ගේ දොර ඉඩකඩම්, ජනමාධ්‍ය, රාජ්‍ය සහ සිවිල් ගුවන් සේවා ආදී පුළුල් පරාසයක විහිදුණු ක්‍ෂේත‍්‍ර රැසක් උදෙසා නවතාවයෙන් යුක්තව සහ ප‍්‍රායෝගිකත්වයෙන් ඉහළම තොරතුරු තාක්‍ෂණික ව්‍යාපාරික විසඳුම් පිරිනමමින් කාර්යක්‍ෂතාවයෙන් ඉහළනැංවුණු සහ නිර්මාණශීලී ඩිජිටල් විශේෂඥ සේවාවක් ලෙසින් zMessenger පිළිගැනීමට ලක්ව තිබේ. zMessenger සමාගමේ සුවිශේෂත්වය වනුයේ දැඩි කැපකිරීමකින් යුක්තව සිදුකරන සමීක්‍ෂණ ඔස්සේ, ඉලක්කගත ප‍්‍රජාවේ සැබෑ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් අදාළ සමාගම හරහා වඩාත් ඵලදායී ඩිජිටල් තාක්‍ෂණික විසඳුම් ඒ ඔස්සේ පිරිනැමීමට කටයුතු යෙදීමය.

    zMessenger හි අනිවාර්ය ඉහළ ප‍්‍රතිඵල සහිත සේවා උත්පාදනයෙහි දායකත්වය ලබාගන්නා සමාගම් අතර යුනිලිවර්ස්, ෂෙව්රෝන්, සන්ෂයින් හෝල්ඩිංග්ස්, ජොන්සන් ඇන්ඞ් ජොන්සන්ස්, කමර්ෂල් ක්‍රෙඩිට් සහ සෙවන්සීස් ආදී මෙරට ඉහළම මට්ටමේ සමාගම්ද වේ.

    ‘අපි අපේ පාරිභෝගිකයන් වෙත සැපයුවේ හුදු ඩිජිටල් අලෙවිකරණ උපායන් පමණක් නොවේ. ඩිජිටල් ලෝකය වෙත ඔවුන් ප‍්‍රවේශවීමේදී නව අදහස් සහ නවතාවයෙන් යුත් ආවේනික ලක්‍ෂණ ඔවුන් වෙනුවෙන් නිර්මාණය කරදීමටද අපට හැකිවුනා’ යැයි zMessenger ප‍්‍රධාන විධායක සහ සමනිර්මාතෘ ජයෝමි ලොකුලියන මෙනවිය පැවසුවාය. දකුණු ආසියානු සහයෝගිතා සමුළුවේදී අපව මෙවැනි පිළිගැනීමකට ලක්වීම අපට අතිශයින් සතුටක්. තව තවත් ආකර්ශණීය අදහස් අප පාරිභෝගිකයන් වෙත පිරිනමමින් වඩාත් කාර්යක්‍ෂම ඩිජිටල් විසඳුම් සහිතව ඔවුන් සමග අත්වැල්බැඳගනිමින් සාර්ථකත්වයේ හිනිපෙත්ත කරා යන අපේ ගමනට මේ ඇගයීම විශාල ශක්තියක් වනු නොඅනුමානයි’ යනුවෙන් ජයෝමි ලොකුලියන මෙනවිය වැඩිදුරටත් පවසන ලදි.

    දකුණු ආසියානු සහයෝගිතා ව්‍යාපාරික සමුළුවේදී සම්මානයට පාත‍්‍රවූ zMessenger සාමාජිකයන් වමේ සිට දකුණට - ජෙනගන් සිවසුබ‍්‍රමනියම් (අලෙවි විධායක) චතුරංග වික‍්‍රමාරච්චි (විකිණුම් සහ ගිනුම් කළමනාකරණ අංශයේ කළමනාකරු) විමුක්ති මුතුකුඩආරච්චි ( ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක - Enterprise Solution) ජනක රූපසිංහ (අධ්‍යක්‍ෂක) ජයෝමි ලොකුලියන (ප‍්‍රධාන විධායක සහ සම නිර්මාතෘ) වාසුල රත්නායක ( සහය සාමාන්‍යාධිකාරි - ඩිජිටල් අලෙවිකරණ සහ මෙහෙයුම් ) රිෂී එලියාස් ( Head of Strategy) ධනුක පෙරේරා (සහය කළමනාකරු Digital Design ) ගිම්හානී යාපා (විධායක - සමාජ මාධ්‍ය) මංජුලා තිසේරා (මානව සම්පත් කළමනාකරු) සහ ලේඛා ලොකුලියන ( ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී-ව්‍යාපෘති)